අසාධාරණ බදුවලට රජරට සරසවි ඇදුරෝ විරෝධයේ.

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට හා විශ්වවිද්‍යාල පද්ධතියට සිදු කළ අයහපත් තීරණවලට එරෙහිව රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් විසින් නිහඬ උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා වේ .

රජය විසින් ගනු ලැබූ අත්තනෝමතික බදු ප්‍රතිපත්ති හා විශ්වවිද්‍යාල පද්ධතියට සිදුකළ අයහපත් තීරණවලට විරෝධය පළ කරමින් මිහින්තලය රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී අද (14) දහවල් නිහඬ උද්ඝෝෂණයක නිරත විණි.

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය ධර්මසිරි දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශාල වශයෙන් රට හැර යාම හේතුවෙන් ආචාර්යවරු සහ ශිෂ්‍යයින් අතර පවතින අනුපාතය නිසියාකාරව පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් , මේ හේතුවෙන් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනික ගුණාත්මකභාවය අඩු වී ඇති බවත් ය.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය හඳුන්වාදීමෙන් අනතුරුව රට තුළ සිදුවන බුද්ධි ගලනය වේගවත් වී ඇති බවත් , මෙය විශ්වවිද්‍යාලය තුළ පමණක් නොව අනෙකුත් සියලු ක්ෂේත්‍ර වලට ද මෙය බලපා ඇති බවත් ඔහු සඳහන් කරන ලදී .

Exit mobile version