ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථානුකුල ක්‍රමවේදයන් යොදාගනිමින් පළාත් පාලන ඡන්දය සහ මහමැතිවරණය ගිලදමා ජනතාවගේ උත්තරීත්තර අයිතීන් උදුරා ගනිමින් සිටින බවට නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසා තිබේ.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා උපක්‍රමශීලී ජනාධිපතිවරණයද නොපැවැත්වීමට සැලසුම් සකස් කරමින් සිටින බවයි.
ඒ සඳහා කෙසේ හෝ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ සහය ද ලබාගැනීමට ඔහු සැලසුම් කරමින් සිටින බවත්, ගැටලුව වී ඇත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය සකස් කර ගැනීමේ අර්බුදය බවත් නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙහිදී සඳහන් කර තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්,