ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (10) කුලියාපිටියෙන් මැතිවරණ සටන අරඹන බව වාර්තා වේ.
“සැබෑව” යන තේමාව මුල් කර ගනිමින් සංවිධාන කෙරෙන මැතිවරණ සටන ඇරැඹීමේ ප්‍රථම මහජන රැළිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී ඉරිදා (10) පස්වරු 2ට පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහභාගී වන ප්‍රථම මහජන රැළිය මෙය බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බව කී කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂය ලෙස ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා මෙම මහජන රැලිය සංවිධාන කරන බව කීය.
නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා ඉදිරියේදීත් විවිධ පාර්ශ්ව වෙතින් මහජන රැලි සංවිධාන කෙරෙනු ඇති බව කී කාරියවසම් මහතා අවසානයේ සියලු බලවේග එක්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කෙරෙනු ඇති බවද සඳහන් කළේය.