ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් .

දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

කලාප 24ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයේ පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේය.

මේ වනවිට දිවයිනෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැටඅටදහස් එකසිය දාහතරකි.

මේ මාසයේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තුන්දාස් හයසිය තිස් එකක්.

එම සංඛ්‍යාව පසුගිය මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට වඩා රෝගීන් දහසකට ආසන්න වැඩි වීමක් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version