රාවණා ලංකා මාධ්‍යවේදීන්ට සොරගුණේ නිළමේවරයාගෙන් බාධා.

මේ වන විට  සොරගුණේ කුඩා කතරගම දේවාලයේ ධූර කාලය අවසන් කර තිබෙන බස්නායක නිළමේවරයා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නාමාවලියට අදාළව භාණ්ඩ භාර දෙමින් සිටී.එම අවස්ථාව ආවරණය කිරීම සදහා අප මාධ්‍ය ජාලයේ මාධ්‍ය කණ්ඩයමක් සහභාගි වී සිටින අතර එහිදී දූෂිත චෝදනාවලට ලක්ව සිටින බස්නායක නිළමේවරයා වන ජනක රවීන්ද්‍ර කලුපහන මහතා අප මාධ්‍යවේදීන්ට රාජකාරී කිරීමට නොදී බාධා එල්ල කරමින් සිටින බව අප මාධ්‍ය කණ්ඩායම අප වෙත දැනුවත් කරනු ලැබීය.  

අප මාධ්‍ය වාර්තකර්ණයේදී කිසිවෙකුටත් පක්ෂපාතී අයුරින් ,මාධ්‍ය කටයුතු නොකරන අතර මේ ආකාරයෙන් බාධා එල්ල කිරීමෙන් සිදු වන්නේ සත්‍ය වාර්තා කිරීමට , මහජනතාව වෙත සත්‍ය තොරතුරු ලබා දීමට අපොහොසත් වීමයි.

කෙසේ නමුත් දූෂණ චෝදනාවලට ලක්ව සිටින මෙම නිළමේවරයා සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ද පැවැත්වෙන අතර එම පරීක්ෂණයේදී වැඩ තහනම් කිරීමට එරෙහිව ඔහු අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ද ගොනු කර තිබේ.

Exit mobile version