රාවණා සැරවෙයි – ළඟට යන්නත් තහනම් වෙයි.

මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක්වරම ශීඝ්‍රයෙන් ඉහළ යන බව වාර්තා වේ.

මේ හේතුවෙන් දිය ඇල්ලේ දියනෑමට සහ දිය ඇල්ල අසලට ගමන් කිරීම පවා තහනම් කර තිබේ.

ජලපෝෂක ප්‍රදේශවලට නොනවත්වා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් එම තීරණය ගෙන ඇති අතර, මේ දිනවල හැකිතාක් දිය ඇල්ල සමීපයට යෑමෙන් වළකින ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Exit mobile version