කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් , කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් නාය යෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළ බව වාර්තා වේ.
එමෙන්ම කොළඹ දිස්ත්රික්කයේ සීතාවක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් , රත්නපුර දිස්ත්රික්කයේ අයගම , කිරිඇල්ල , කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්රදේශ සඳහාත් නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්රියාත්මක බව ජාතික ගොඩනැගිල් සහ පර්යේෂණ සංවිධාන වැඩි දුරටත් සඳහන් කර තිබේ.