දිස්ත්‍රික්ක හතරකට රතු නිවේදන.

පවතින වර්ෂාපතන කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මාතර , ගාල්ල , රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version