වාප්පු ලිපිකරුවන්ට රේගුවෙන් ඉල්ලීමක්.

දින කිහිපයක සිට වාප්පු ලිපිකරුවන් පෙරවරු 9.30 වන තෙක් සේවයට වාර්තා කිරීම ප්‍රමාද වී ඇති බවත් , ඒ හේතුවෙන් නිශ්කාශනය කළ බහාලුම් මෙන්ම නිශ්කාශනයට නියමිත බහාලුම් රැගත් රථ ඔරුගොඩවත්ත රේගු නිශ්කාශන අංගනයේ සහ ඉන් පිටත ගොඩ ගැසී තිබූ බවත් , ඔරුගොඩවත්ත – අවිස්සාවේල්ල මාර්ගයේ පැවති දිගු බහාලුම් පෝලිම හමුවේ එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබූ බවත් වාර්තා වේ.

ඒ අනුව සෑම දිනයකදීම උදෑසන රාජකාරියට වාර්තා කරන ලෙස රේගු දෙපාර්තමේන්තුව වීසින් වාප්පු ලිපිකරුවන්ගෙන් ඉල්ලීමක් සිඳු කර ඇති බව සඳහන්.

එමෙන්ම ඊයේ (11) දිනයේදීත් පෙරවරු 09.30 වන විට සේවයට පැමිණ සිටියේ වාප්පු ලිපිකරුවන් දෙදෙනෙක් පමණක් බව රේගු දෙපාර්තමේන්තුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ පීටර් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version