දිය වැලකට හසු වූ පිරිසක් බේරාගනී.

දිය වැලකට හසුවී දියේ ගිලෙමින් සිටි පාසල් සිසුන් සිව්දෙනෙක් හා තරුණයෙක්ව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (12) එම පිරිස පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටීය දී දිය වැලකට හසුව තිබේ.

එලෙස බේරාගත් පිරිස අතර වසය අවුරුදු 12ක් හා 09ක් වූ පිරිමි ළමුන් දෙදෙනෙකු, වයස අවුරුදු 17ක් හා 14ක් වූ ගැහැනු ළමුන් දෙදෙනෙකු හා වයස අවුරුදු 23ක් වූ තරුණයෙකු සිටින බවට පොලීසිය පවසයි.

එම පිරිස බේරාගැනීමට සඳහා කටයුතු කර ඇත්තේ, පානදුර වෙරළ තීරයේ ජීවිතාරක්ෂ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර හා පොලිස් කොස්තාපල් දසුන් යන නිලධාරීන් බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Exit mobile version