යළිත් වරක් ආපන ශාලාවල කෙටි ආහාර ඇතුලු අනෙකුත් ආහාර පානවල මිල ගණන ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය ප්රකාශ කර තිබේ .
මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත්තේ මස්, මාළු, බිත්තර, සීනි සහ කීරී සම්බා සහල්වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බව වාර්තා වේ .
කොපමණ මිලකින් ආහාරවල මිල ගණන් ඉහළ දමන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද සඳහන් .