ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගත කරන්න ටෙන්ඩර් කැඳවේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දැනුම්දී ඇති බව වාර්තා වේ .

ඒ අනුව ඒ මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණය ප්‍රමාණයක් ඇති බවත් , මේ වනවිට දෙස් විදෙස් මුදිත මාධ්‍ය, වෙබ් අඩවි උපයෝගී කරගනිමින් ටෙන්ඩර් කැඳවීමේ පත්‍රිකා පළ කර ඇති බවත් ය.

Exit mobile version