විශ්‍රාමික ග්‍රාම නිලධාරි දිය රකුසාට බිලි.

රත්ගම මහජන  පුස්තකාලය  අසල මුහුදු තීරයේ දිය නෑමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බවට රත්ගම පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ මනිමේදුර අශෝක ගුණදාස ද සිල්වා (71) නැමති  විජේරත්න මාවත හැගොඩ රත්ගම  ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

මෙකී පුද්ගලයා දිය නාමින් සිටි ස්ථානය දිය නෑමට සුදුසු ස්ථානයක් නොවන  බවට  පොලීසිය පවසා තිබේ.

Exit mobile version