විදුලිබිල ඉහළ දැමුවහොත් ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවට ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ රයිස්, කොත්තු මිල මෙන්ම අනෙකුත් කෙටි ආහාරවල මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බවයි.
විදුලිබිල ඉහළ දැමුවහොත් එයට සාපේක්ෂව ඉහළ දමන ආකාරය ගැන දැනුම්දෙන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.