දෙහි මිල දැඩි ලෙස ඉහළ යාමත් සමඟ හැටන් ප්‍රදේශය තුළ පවතින දැඩි දෙහි හිඟය හේතුවෙන් මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ .
මෙම තත්වයන් පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මෙම ප්‍රදේශය තුළ මේ වන විට දැඩි දෙහි හිඟයක් පවතින බවත් , එම තත්වයන් මත දෙහි ගෙඩියක් සොයා ගැනීමද අසීරු තත්වයක පවතින බවත්ය.
එමෙන්ම මෙම තත්වයන් පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දක්වන ප්‍රදේශයේ එළවළු වෙළඳුන් කිහිප දෙනෙකුම පවසන ලද්දේ මේ වන විට දෙහි කිලෝවක තොග මිල රුපියල් 2000ක් පමණ වන බවත් , එම තත්වයන් මත අලෙවිය සඳහා දෙහි නොගැනීමත් සමඟ මෙසේ ප්‍රදේශය තුළ දෙහි හිඟයක් පවතින බවත්ය.