මහනුවර නගරය පුරා අවදානම් ගස් ඉවත් කිරීම කඩිනමින් .

මහනුවර වැව රවුම ඇතුළුව නගරයේ අනාරක්‍ෂිත ගස් හා අතු ඉවත් කිරීම මහනුවර මහ නගර සභාවේ මැදිහත්වීම මත ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මහනුවර නගරය මෙන්ම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල අවදානම් ගස් ඉවත් කරන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් , දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කළ දැනුම්දීම අනුව මෙම ඉවත් කිරීම් සිදුකර තිබේ.

මහනුවර නගරයේ අවදානම් සහිත ගස් හා දිරාපත් වූ අතු රැසක් පවතින බැවින් ඊට කඩිනම් පියවර ගන්නා ලෙසද ආණ්ඩුකාරවරයා කමිටුවට දැනුම් දී තිබේ.

Exit mobile version