බදුල්ල මඩකළපුව ප්රධාන මාර්ගය බිබිල 32 කණුව අසල දී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.
එමෙන්ම පස් කන්දක් කඩා වැටීම නිසා ලුණුගල-බිබිල මාර්ගය ද යළි අවහිර වී තිබෙන බව සදහන් .
මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී ඇති අතර පවතින අයහපත් කාලගුණය හමුවේ නායයාම් හා පස් කඳු කඩා වැටීම හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාම මාර්ගය කිහිපයකම ගමනා ගමනයට බාධා එල්ල වුණි.