මෙම සතිය තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බවට මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසා ඇති බව වාර්තා වේ.
එම සංගමයේ සභාපති පි.එච්. ගුණසිංහ මහතා සඳහන් කළේ, මාර්ග සංවර්ධන අධිකාරියේ බඳවාගැනීමේ පටිපාටියේ පවතින දුර්වලතා ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම පියවර ගන්නා බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එම අධිකාරියේ ප්රකාශකයෙකු පවසා ඇත්තේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ඉංජිනේරු සංගමය මෙතෙක් අධිකාරිය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.
අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ද ඔවුන් මෙතෙක් දැනුවත් කර නොමැති අතර යම්හෙයකින් අසනීප නිවාඩු වාර්තා කළහොත් අතිරේක සේවකයින් යොදවා රාජකාරී ආවරණය කරන බවට මාර්ග සංවර්ධන අධිකාරියේ ප්රකාශයකයා සඳහන් කර තිබේ.