මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට හා පොළොන්නරුව දිස්ත්‍රික්කයට අඛණ්ඩව දින ගණනාවක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ගඟ පිටාර ගැලීම ආරම්භ කර තිබෙන අතර ඒ හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පූජා භූමියට ගමන් ගන්නා සුංගාවිල – සෝමාවතිය මාර්ගය අඩි දෙකකට ආසන්න උසකින් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ .
ඒ අනුව අද (16) උදෑසන සිට එම මාර්ගයේ සැහැල්ලු රථ වාහන ධාවන කටයුතු නවතා දැමීමට කටයුතු කළ බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ලදී .
එබැවින් එම මාර්ගය භාවිත කරන ජනතාව ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .