පිහියකින් ඇන රන් භාණ්ඩ කොල්ල කාලා.

පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන ඔහුගේ දෑත් ගැටගසා බඩට පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බවට ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ .

අලුයම 2ට පමණ තිදෙනෙකු පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ ජනේලයකින් නිවස තුළට පැන, රන් අත් පළදනා මුදු ඇතුළු දේපල කොල්ලකා පලාගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇතැයි පොලීසිය සඳහන් කර තිබේ.

පහරකෑමට ලක් වූ ව්‍යාපාරිකයා පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ .

Exit mobile version