පස්සර කොටුමුදුන ගලකුලුගොල්ල මාර්ගයට විශාල ගල් පර්වතයක් පෙරළීමෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
පැවති අධික වර්ෂාව සමග මෙම විශාල ගල් පර්වතය මාර්ගයට පෙරළී ඇති බව සදහන්.
මෙම ගල කඩා කඩිනමින් ඉවත් කිරීමට අදාළ අංශ දැනුවත් කළ බවද පස්සර පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. පියරත්න මහතා ප්රකාශ කර තිබේ.