කටුනායක ප්‍රදේශයේ විවිධ කොල්ල කෑම් රැසකට සම්බන්ද පුද්ගලයන් දෙදෙනකු කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තාවේ.
ඔහුන් විසින් විවිධ පුද්ගලයන්ගෙන් තමන් පොලිසියෙන් බව පවසමින් රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා දේපල කොල්ලකා ඇති බවයි පොලිසිය සදහන් කර ඇත්තේ.
සැකකරුවන් කටුනායක ආඩිඅම්බලම, මඩවල ප්‍රදේශවල පදිංචි කරුවන් වන අතර ඔහුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ තොටළග මුඩුක්කු නිවාසයකදීය.
මෙම සැකකරුවන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව ඇති අතර එක් අයකු සදහා එක් දිනකට හෙරොයින් මිලදී ගැනීමට රුපියල් 15000ක් පමණ වැයවන බැවින් මොහුන් මෙලෙස සොරකමේ යෙදී ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණ වලින් හදුනාගෙන ඇත්තේ.
මොහුන් දෙදෙනා සොරා ගන්නා ලද භාණ්ඩ රාශියක් පොලිසිය විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරුවන් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවත් සදහන්වේ.