රොෂාන් රණසිංහ පොහොට්ටුව හැර යයි ?

අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නව දේශපාලන ගමනකට සූදානම් වෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඔහු පොහොට්ටුව ඇතුලු සමස්ත දේශපාලන නායකයන් අත් හැර නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

වාර්තා වන ආකාරයට මේ මස 26 වැනි දින මහනුවරින් තම නව ගමන ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එම පක්ෂය පිහිටුවීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් වැසියන් සොයමින් සිටී.

මේ වන විට රට තුල අමුතු දේශපාලනයක් ගොඩ නැගෙමින් තිබේ. නමුත් මේ වන විට කුමන දේශපාලන පක්ෂ බිහි උනත් ඒවා දෙස මහජනතාව බලනුයේ අමුතු දෑසකිනි.

සමහර දේශපාලන නායකයන් සහ පක්ෂ ප්‍රවර්ධනය වෙනුවෙන් මේ වෙද්දිත් රූපවාහිනි නාලිකා ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර තිබේ.

නමුත් මහජන දැනුම වෙනස්ව තිබෙන බැවින් කුමන ප්‍රවර්ධනයක් කළත් මේ වන විට අප්‍රසාදයට ලක්ව සිටින දේශපාලන නායකයන් සහ පක්ෂවලට ජීවයක් නොලැබෙන බව ප්‍රත්‍යක්ෂ වෙමින් පවතී.

රට වෙනස් කළ හැකිව තිබූ කාලයේදී තම තමන්ගේ අමාත්‍යාංශවල සිට ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුව තිබූ නියම ක්‍රමයන්වලට අනුව වැඩ කිරීමට දේශපාලන නායකයන් කටයුතු කළේ නම් ජනතාව බේදයකින් තොරව ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

රොෂාන් රණසිංහ මහතාටද රටේ තරුණ පරපුර වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් කිරීමට තිබුණේනම් එය කළේ නම් රටේ සමස්ත තරුණ පරපුරම ඔහු සමග සිට ගනු ඇත.

වර්තමාන පරපුර ආක්‍රමණය කළ හැක්කේ සාධාරණ වැඩ වලින් පමණි.එසේම වෙනදා රැල්ලට ගිය මිනිසුන්ද දැන් බලාපොරොත්තුවන්නේ වැඩය. එසේම අරක්කු, කෑම මෙන්ම සල්ලිවලට රැස්වීම් වලට ගියත් ඔවුන් කිසිදා එම දේශපාලඥයා වෙනුවෙන් ඡන්දය දෙන්නේ නැත.

එවන් කාලයක් මේ වන විට බිහිව තිබේ.

එවන් වටපිටාවක් තුල අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නව දේශපාලන ගමනක් යාමට තීරණය කිරීමම දැඩි අභියෝගයක් වනු ඇත.

Exit mobile version