රුහුණු කුමාරි හෙට සිට වෙනස් වෙයි.

රුහුණු කුමාරි දුම්රිය හෙට (16) සිට නැවතත් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බවට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා ඇති බව වාර්තා වේ.

මගී ජනතාවට වඩාත් පහසු සේවාවක් ලබා දීම සඳහා මාතර සිට රුහුණුකුමාරි දුම්රිය නැවතත් ධාවනයට එක් කිරීමට කටයුතු කළ බවට අමාත්‍යවරයා පවසා තිබේ.

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් තමා වෙත කළ දැනුම්දීම අනුව රුහුණු කුමාරි දුම්රිය නැවතත් මාතර සිට ධාවනය කිරීමට පියවර ගත් බවට අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම ඉන්දියාවෙන් නව දුම්රිය එන්ජින් ලැබුණු පසු බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ගමන් පහසුකම් වඩාත් පුළුල් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Exit mobile version