රුහුණු කතරගම දේවාලයේ කප් සිටුවයි.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යය ආරම්භ කිරීමේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීමේ මංගල්‍යය අද (06) දින සිදු කළ බවට වාර්තා වේ.

චාරිත්‍රානුකූලව මෙම කප් සිටුවීමේ චාරිත්‍රය උදෑසන,5.55ට යෙදුණු සුභ නැකතින් සිදු කෙරුණු අතර අද සිට දින 45ක් ගත වූ තැන පෙරහැර මංගල්‍යය නිල වශයෙන් ආරම්භ වීමට නියමිත බව සදහන්.

කතරගම ඇසළ මංගල්‍යයයේ ප්‍රථම පෙරහැර ලබන ජූනි 19 දින ආරම්භ වී,ජූලි 3 දින අධි ඇසළ පෝය දිනයෙන් නිමාවට පත් වන බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරයි.

Exit mobile version