රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ මරණය සම්බන්ධයෙන් විරෝධතා ක්රියාමාර්ග ගන්නා පිරිස්වලට එරෙහි ව රුසියානු රජය අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහුගේ මරණය දේශපාලන වාසියක් කර ගනිමින් විදී පුරා ප්රචණ්ඩකාරී ලෙස විරෝධතා පැවැත්වීමට අවස්ථාව ලබානොදෙන බවට රුසියානු රජයේ බලධාරියෙකු ප්රකාශ කර තිබේ.
කෙසේ වෙතත් රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි හට ගෞරව කිරීම සඳහා විවිධ පාර්ශ්ව මොස්කව්හි වීදි පුරා අනුස්මරණ උත්සව සංවිධානය කර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.