වෙසක් පෝය පහුවෙනතුරු හෝ විදුලිය විසන්ධි නොකර ඉන්න -“ඉහලින් ලැබුණු නියෝගය ක්‍රියාත්මක කරන්න වෙනවා”

සම්බුදු තෙමගුලට දින දෙකක් තිබියදී  විහාරස්ථානයක  විදුලිය කපයි.

බදුල්ල හිදගොඩ තපෝධනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ඇකිරියේ සීවලී හිමියන් විසින්, වෙසක් පෝය පහුවෙනතුරු හෝ විදුලිය විසන්ධි නොකර ඉන්න කියා ඉල්ලා සිටියදී “ඉහලින් ලැබුණු නියෝගය ක්‍රියාත්මක කරන්න වෙනවා” කියා විදුලිය විස්න්ධි කොට ඇති බව වාර්තාවේ.

ඒ ඊයේ (3) දින එම විහාරස්ථානයට පැමිණි නිලධාරීන් විසිනි. විහාරස්ථානයේ විදුලි බිල රුපියල් 15000 කට ආසන්න වන බැවින් අපට ලැබුණු නියෝග ක්‍රියාත්මක කරනවා හැර වෙනත් දේ කිරීමට ඔහුනට බලය නැති බැවින් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි ඔහුන් සඳහන් කොට ඇත්තේ.

Exit mobile version