තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්ර සේනානායක අද (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව වාර්තා වේ .
අද (15) දිනයේ දී ඔහුගේ නීතිඥයින් විසින් ඔහුට ඇප ඉල්ලා සිටි නමුත් මහේස්ත්‍රාත්වරයා විසින් එය ප්‍රතික්ෂේප කළ බව සඳහන් .
පසුගිය 6 වනදා නීතිඥයෙකු මාර්ගයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත භාර වීමෙන් අනතුරුව සචිත්ර සේනානායක අත්අඩංගුවට ගනු ලැබීය .