පස් කන්දකට කාන්තාවක් බිලි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලික පලතුරු වෙළෙඳසැලක් පිටුපස තිබූ පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (04) රාත්‍රීයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ මහනුවර – මහියංගනය මාර්ගයේ රඹුක්වැල්ල ප්‍රදේශයෙනි.

පොලීසියේ හා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පස් කන්දට යටවූ කාන්තාව සොයාගෙන තෙල්දෙණිය රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිට ඇති බවට පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, රඹුක්වැල්ල, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි එම පලතුරු වෙළෙඳසැලේ හිමිකාරිය වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තෙල්දෙණිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version