ක්රිකට් පාලක මණ්ඩලය ජනාධිපතිව ඇල්ලුවේ සාගල රත්නායක හරහා බව හිටපු ක්රිකට් නායකයකු වන අර්ජුන රණතුංග ප්රකාශ කලේය.
අර්ජුන රණතුංග ඒ බව කියා සිටියේ, Truth With Chamuditha යු ටියුබ් නාලිකාව සමඟ ඊයේ (05) පැවැත්වූ සාකච්ඡාවකදීය.
”ක්රිකට් පාලක මණ්ඩලය සාගලව බාගන්න පාවිච්චි කර ඇම මොකක්ද කියල හරියටම හොයන්න ඕන” යයි ද ඔහු මෙහිදී සඳහන් කරන ලදී.
”ක්රිකට් පාලක මණ්ඩලයේ වැඩ කරන්නේ ඉන්දියන් ඩීල් කාරයෙක්ට ඕන විදිහට බවද,ලංකාවේ ක්රිකට් වල විනාශයට වගකිව යුත්තේ, ක්රිකට් පාලක මණ්ඩලය බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්රී ලංකාවේ ක්රිකට් අද දින මෙවැනි තත්ත්වයට ඇද වැටීමට සංගා හා මහේල වගකිව යුතු බවද, මම ඉල්ලන ටීම් එකත් එක්ක ක්රිකට් හදන්න මට බලය දුන්නොත් මාස හයෙන් ප්රතිඵල පෙන්නනවා..” යයි පවසන අර්ජුන, ”වර්තමාන ක්රිකට් කණ්ඩායමේ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න කැමති උන් තියාගෙන අනිත් උන් ගෙදර එළවලා දාන්න ඕන, යැයි ද අර්ජුන සඳහන් කළේය.
” ක්රිකට් පාලක මණ්ඩලය කියන්නේ අන්තිම දූෂිත හොර තිප්පොළක්. පාලක මණ්ඩලයේ ඉන්න ලොක්කෝ මුලින් ආවෙ මරුටියේ.. දැන් යන්නේ බෙන්ස් එකේ. මේ ගොල්ලන්ගෙ වත්කම් ගැන හොයල බලන්න ඕන.” බවද ඒ මහතා වැඩි දුරටත් ප්රකාශ කළේය.
සම්පුර්ණ වැඩසටහන පහත වීඩියෝවෙන් ,