සංශෝධනය කර නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අධිකරණයට යාමට සැලසුම් කර ඇති බවත් , මෙම පනත කුමන ආකාරයෙන් සංශෝධනය කළ ද එයට විරෝධය පළ කරන බවත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ,
” ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අවස්ථාවේ දී පාර්ශව කිහිපයක්ම අධිකරණයට ගිහින් ප්‍රති ත්‍රස්ත පනත සුදුසු නැති බව කිව්වා. ඒ වගේම ලෝක සංවිධාන රාශියක් මේක කිව්වා. ඉන් පසුව නැවත වරක් ඒක සංශෝධනය කරලා , පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල නෑ තාම ගැසට් කරාට. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලාට පස්සේ දවස් දාහතරක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. කෙසේ වෙතත් අපිට තාම සංශෝධිත පනත ලැබිලා නෑ. සංශෝධනය කලත් අපි මෙයට විරෝධය පළ කරනවා. බලාපොරොත්තු වෙනවා අධිකරණයට යන්න. “