සජිත් සාටකයක් පැළඳ ඇවිත්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලෝකයට, මැදපෙරදිගට සාමය ප්‍රාර්ථනා කිරීම සඳහා සුදු සහ කළු පැහැති සාටකයක් පැළඳ අද (7) පාර්ලිමේන්තුවට සහභාගී වී ඇති බව වාර්තා වේ.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පැවසුවේ ලෝකයට මැදපෙරදිගට සාමය සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කිරීම සඳහා මෙම සාටකය පැළඳ පැමිණි බවයි.

”දෙපැත්තේම සිවිල් ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ප්‍රහාර අපි ප්‍රතික්ෂේප කරනවා . මවුවරුන් දරුවන් සිවිල් පුරවැසියන් මිය යෑම ඝාතනය වීම සමූල ඝාතන සංහාර  ප්‍රතික්ෂේප කරනවා. ලෝක සාමය ඇතිවුණොත් තමයි ලෝක ස්ථාවරත්වය ඇතිවෙන්නේ. ඒක තමයි යථාර්ථය. අපි ලෝක සාමය ආරක්ෂාව වෙනුවෙන් හැමවිටම පෙනී සිටිනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය.”

Exit mobile version