හෝමාගම පිටිපන ගබඩාවත්ත සමෘද්ධි බැංකුව කොල්ලකා ඇති බව වාර්තා වේ.
අද (19) සවස ගිනිඅවියක් සමග ඊට ඇතුලුවූ කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් සේවකයින් බියවද්දා එහි තිබූ රුපියල් ලක්ෂ 07කට ආසන්න මුදලක් රැගෙන පළාගොස් ඇති බව සදහන්.
හෝමාගම මූලස්ථාන පොලීසිය පැවසුවේ කොල්ලකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බවයි.
යතුරුපැදි හිස් ආවරණ පැළඳ මුව ආවරණ ද පැළඳ සිට ඇති කොල්ලකරුවන් එකවරම බැංකුව තුළට කඩාවැදී තිබේ.
ඒ අවස්ථාවේ බැංකුව තුළ පුද්ගලයින් 08 දෙනෙකු සේවය කරමින් සිට තිබූ බවට පොලීසිය ප්රකාශ කර තිබේ.
කොල්ලකරුවන් තලගල දෙසට පළාගොස් ඇති බවද පැවසෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක බව සදහන්.