සනත් නිශාන්තගේ දේහය නිවසට රැගෙන එයි.

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26)  පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිතව ඇති බව වාර්තා වේ.

දේහය මහජන ගෞරවය සඳහා ඊයේ පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ආ අතර එය අද පෙරවරු 10.30ට ආරච්චිකට්ටුව ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බව සදහන්.

ඒ අනුව දේහය පිළිබද අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ

මියයන විට සනත් නිශාන්ත මහතා 48 හැවිරිදි වියේ පසුවී තිබේ.

Exit mobile version