ලංකා සතොස සුදු සීනි කිලෝවක් රුපියල් 275 බැගින් (පැවති පාලන මිලට) තව දුරටත් අලෙවි කරන බව ලංකා සතොස කළමණාකරුවන් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව රුපියල් 275 බැගින් පාරිභෝගිකයෙකුට සුදු සීනි කිලෝවක් පමණක් නිකුත් කරන බවද ඔවුහු සඳහන් කරන ලදී .
දුඹුරු සීනි කිලෝවක් රුපියල් 330 බැගින් අලෙවි කරන අතර එම සීනි ද පාරිභෝගිකයෙකුට නිකුත් කරන ප්‍රමාණය සීමා කර ඇති බවත් කළමණාකරුවන් ප්‍රකාශ කර තිබේ .
නමුත් පාරිභෝගිකයින් සඳහන් කරන්නේ ඇතැම් ලංකා සතොස අලෙවි සැල් වල සුදු සීනි හිඟයක් පවතින බවයි .