සතොසෙන් සුදු සීනි තවදුරටත් 275 ට.

ලංකා සතොස සුදු සීනි කිලෝවක් රුපියල් 275 බැගින් (පැවති පාලන මිලට) තව දුරටත් අලෙවි කරන බව ලංකා සතොස කළමණාකරුවන් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව රුපියල් 275 බැගින් පාරිභෝගිකයෙකුට සුදු සීනි කිලෝවක් පමණක් නිකුත් කරන බවද ඔවුහු සඳහන් කරන ලදී .

දුඹුරු සීනි කිලෝවක් රුපියල් 330 බැගින් අලෙවි කරන අතර එම සීනි ද පාරිභෝගිකයෙකුට නිකුත් කරන ප්‍රමාණය සීමා කර ඇති බවත් කළමණාකරුවන් ප්‍රකාශ කර තිබේ .

නමුත් පාරිභෝගිකයින් සඳහන් කරන්නේ ඇතැම් ලංකා සතොස අලෙවි සැල් වල සුදු සීනි හිඟයක් පවතින බවයි .

Exit mobile version