තල්වලින් සෝස්.

තල් ආශ්‍රිතව සිදුකරන ලද අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස තල් යොදා ගනිමින් සැකසූ තල් සෝස් මේ වන විට වෙළෙඳපොල වෙත හඳුන්වාදී ඇති බවට තල් සංවර්ධන මණ්ඩලය සඳහන් කළ බව වාර්තා වේ.

තල් පර්යේෂණ ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම තල් සෝස් සැකසීමේ තාක්ෂණය හඳුනාගෙන ඇති අතර මෙය නිෂ්පාදනය කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලික අංශයේ නිෂ්පාදකයින් සමග සෝස් වෙළෙඳපොලට නිකුත් කිරීම සඳහා මේ වන විට ගිවිසුම්ගතවී ඇති බව සදහන්.

ඒ අනුව පුද්ගලික සමාගමක් විසින් නිපදවන තල් සෝස් මේ වන විටත් වෙළෙඳපොල වෙත හඳුන්වාදීම සිදුකර ඇති අතර නිතර වෙළඳපල තුළ දක්නට ලැබෙන සෝස් වර්ග වලට වඩා වෙනත් රසයක් සහ ගුණයක් පවතින නිෂ්පාදනයක් ලෙස තල් සෝස් හදුන්වාදිය හැකිය.

Exit mobile version