සා.පෙළ ප්‍රතිඵල දෙසැම්බර් 3ට පෙර.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස 30 වැනිදා සහ දෙසැම්බර් මස 02 වැනිදා අතර කාලයේ දී නිකුත් කිරීමට නියමිත බවට විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවැසූ බව වාර්තා වේ.

පසුගිය මැයි මස 29 වැනිදා සිට ජුනි මස 8 වැනිදා දක්වා පැවති මෙම විභාගයට පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවෝ ලක්ෂ තුනක් පමණ පෙනී සිටි බව සදහන්.

පසුගිය උසස් පෙළ විභාගය පැවැත්වීම හා උත්තර පත්‍ර ඇගයීම් ප්‍රමාද වීම මෙම ප්‍රතිඵල නිකුත් කිරීමට ද බලපෑ බවට දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ. උපයන විට අය කරන බද්දට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු උත්තර පත්‍ර ඇගයීම් වර්ජනය කර තිබිණි.

Exit mobile version