පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ජීවිත අවදානමට හෙළා ඇති තවත් ගොඩනැඟිල්ලක් පිළිබඳ අඹතලේ ප්‍රදේශයෙන් අද(16) වාර්තා වී තිබේ.
අඹතලේ සමුද්‍රදේවි විද්‍යාලයේ 1988 දී ඉදි කළ තෙමහල් ගොඩනැඟිල්ලක් මෙලෙස කඩා වැටීමේ අවදානමකට පත් ව ඇත.
මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුම්වත් කිරීමට පාසලෙන් සහ මව්පියන් කටයුතු කළත් මෙතෙක් නිසි විසදුමක් ලැබී නැති බව සඳහන්.
මේ හේතුවෙන් පාසලේ ගුරුවරු සහ දරුවන් ගේ මව්පියෝ අද (16) පාසල ඉදිරිපිට විරෝධතාවක ද නිරත වූ බව සදහන්.