අධි සාන්ද්රණ අඩංගු මත්පෙති හයක් සන්තකයේ තබාගෙන සිටි නුගවෙල ප්රදේශයේ විදුහලක 16 හැවිරිදි පාසල් සිසුවෙක් අලදෙනිය පොලීසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වේ.
මෙම සිසුවා විදුහලේ තම සගයන්ට මෙම මත්පෙති ලබාදෙන බවට ලද තොරතුරක් මත සැකකාර සිසුවා පරික්ෂා කිරීමේ දී මෙම මත්පෙති සමග සිසුවා පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.
වැරැල්ලගම පදිංචි සැකකරු ගලගෙදර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අලදෙනිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.