වංචා සහගත මුදල් අවභාවිතා නිසා ලද පැමිණිලි මත කරන ලද පරීක්ෂණ අනුව පත්තිනි දේවාලය සහිත නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියළුම පිංකැටවලට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා තිබේ.
විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස මුද්‍රා තැබු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළේය.
මෙම සිද්ධස්ථානයේ කලක සිට කෝටි ගණනින් මුදල් අවභාවිතා සිදුවන බවත්,එසේම දේවාලයට පුජා කෙරෙන රන් ආභරණ ආදිය අනිසි ලෙස විකුණා දමමින් මුදල් වංචා කරන බවත් කලක සිට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටත් රජයේ විගණකාධිපතිවරයාටත් දිගින් දිගටටම පැමිණිලි ලැබී තිබේ.
ඒ අනුව කරන ලද මුලික විමර්ශනවලදි එවන් වංචා ගැන තොරතුරු ලැබී ඇති හෙයින් මෙම පියවර ගත් බව දැනගන්නට තිබේ.
පසුගිය කාලයේ වාහන සේල් හිමියකුට රුපියල් කෝටි 10ක් පොලියට දුන් බවට චෝදනා එල්ලවුයේද මෙම විහාරයේ ප්‍රධාන භික්ෂුවකටය.
මෙම ස්ථානයේ සිදුවන වංචා සහගත ක්‍රියාවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස නවගමුව සුරැකීමේ සංවිධානය විසින් විහාර දේවාලගම් ආඥා පනතේ 15(1),15(2)15(3),15(4) යන වගන්ති යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිත පැමිණිල්ලක්ද සිදුකර තිබේ .