උ/පෙළ උපකාරක පංති අද මැදියම් රැයේ සිට තහනම්.

මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද(29) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් තහනම් වෙයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා දීම හා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඒ පිළිබඳ ප්‍රචාරය කිරීමද තහනම් බවයි.

එවැනි කටයුතු සිදුකරන පුද්ගලයින් හෝ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටද විභාග දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.

මෙවර අපොස උසස් පෙළ විභාගය ලබන මස 4 වැනිදා ආරම්භ වන අතර 31 වැනිදා දක්වා එය පැවැත්වෙන බව සදහන්.

Exit mobile version