වැල්ලම්පිටිය කොහිලවත්ත දෙමහල් නිවසක, නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අවුරුදු 74ක් වූ මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් හා ඔහුගේ සහායකයා ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.
සැකකරුවන් දෙදෙනා පෙරන ලද නීතිවිරෝධී මත්පැන් ස්පීතූ මිලිලීටර් 22,500ක් බැරල් හතරක බහා තිබූ ගෝඩා මිලි ලිටර් 756,000ක්, අඩි 26ක් දිග රබර් නලයක් සවි කරන ලද තඹ දඟරයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.