ආංශික අධීක්ෂණ කාරක සභා තරුණයින් දැනුවත් කිරීමේ වැඩසටහන අද කොළඹ දී.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහය සහිතව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තෝරාගත් තරුණ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන ජනාධිපති  , අගමැති සහ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (13) කොළඹ දී පැවැත්වෙන බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද විෂය ක්ෂේත්‍ර 17 කට අදාළව ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබුණු අයදුම්පත් වලට අනුව තරුණ නියෝජිතයින් 550කට අධික සංඛ්‍යාවක් තෝරගෙන ඇති බවත් ,  පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාත්මක වන බවත් සඳහන්.

Exit mobile version