ඊයේ (3) සවස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුළු කණ්ඩායමක් යාපනය ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින විහාරස්ථානයක් එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරතව තිබේ.
විරෝධතාකරුවන් විසින් එම ස්ථානයට පැමිණි පොලිසිය සමගද උණුසුම් තත්වයක් හටගෙන ඇති බවත්, විරෝධය ඔහුන් විසින් පවත්වා ඇත්තේ ඉදිවෙමින් පවතින එම විහාරස්ථානය ඉදිරිපිට බවත් වාර්තාවේ.
කෙසේ වෙතත් පොලිසියේ මැදිහත්වීම මත තත්වය පාලනය කොට ඇතිබව සදහන්වේ.
අපගේ සටහන. එකම රටක එකම නීතියක් යටතේ උතුරේ සිට දකුණ දක්වා එකම ජාතියක් විදිහට භහුතරයක් සියලු ජාතීන්, ආගමිකයන් ජීවත්වීමට උත්සහ කරද්දී මෙවැනි “මහජන නියෝජිතයන්” ආගම් වාදය හා ජාතිවාදය ඇවිස්සීමෙන් සිදුවන්නේ රටේ මහජන සාමය බිදවැටීමයි. ඉන් සිදුවන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් අරාජිකත්වයෙන් අරාජිකත්වයට පත්වීමයි.