තමන් සේවය කරන ආයතනයට ආදරය කිරීමෙන් , කැපවීමෙන් එකමුතුව අධිෂ්ඨාන ශක්තියෙන් ක්‍රියා කරන්නේ නම් එන ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව ඇඟලුම් කර්මාන්තයේ නියැලෙමින් මව්බිමට පන ගෙන එන ඇඟලුම් ආයතන හිමිකරුවන් පාලකයන් ප්රමුඛ සාමාජික සාමාජිකාවන් සැමටත් , ශ්‍රී ලංකාව ඇතුළු ලොවපුරා සියලුම ඇඟලුම් ගනුදෙනුකරුවන්ටත් උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පතා ගිනිගත්හේන මැලිබන් ඇගලුම් ආයතනය විසින් ඊයේ (09) රාත්‍රියේ සංවිධානය කර තිබූ බෝධි පූජාවක් , ආශිර්වාද පිරිත් දේශනාවක් සහ ප්‍රාර්ථනා පහන් පූජාවක දී ගිනිගත්හේන ශ්‍රී අභිණවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මුරුතවෙල පියරතන නායක හිමියන් ප්‍රකාශ කර තිබේ .
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නායක හිමිපාණන් වහන්සේ.
” ඔබ දන්නවා පසුගිය කාලය තුළදී ඇද වැටුණු ඇද වැටිල්ල. ඒත් අපි එයින් ගොඩ ආ යුතුයි. කෙසේ හෝ ගොඩ ඒමට අපි උත්සාහ කළ යුතුයි. මෙම ආයතනය රැක ගැනීමට ඔබලා දක්වන සහාය පෙනෙනවා. අද ඔබලා කරන මෙම සත් ක්‍රියාව තුළින් ඔබලා අද මෙය කරන්නේ ඔබලගේ ආයතනය රැක ගැනීමට පමණක් නොවෙයි. සමස්ථ ඇඟලුම් ක්ෂේත්රයම රැක ගැනීමේ උදාර චේතනාවෙන් තමයි අද ඔබලා මෙම ආශිර්වාද පිංකම සිදු කරනු ලබන්නේ. අපි සියලුම දෙනා එකට එක්ව එක්සත්ව ක්‍රියා කරන විට අපිට එන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට හැකියාව පවතිනවා. අභියෝගවලට බියෙන් නොසිට ඕනෑම අභියෝගයක් ජය ගන්න අපිට හැකියාව පවතින බව අපි සිහි තබාගත යුතුයි “