ආණ්ඩුකාර ධූර කිහිපයක් වෙනස් වෙයි.

උතුරු , නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (17) පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා ජී.එස්.එම්.චාල්ස් ද , නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමාන් ද , වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද යෝජනා වී ඇති බව සඳහන්.

එමෙන්ම මීට අමතරව හිටපු අමාත්‍යවරුන් වන නවීන් දිසානායක සහ දයා ගමගේ යන අයගේ නම් ද ආණ්ඩුකාර ධූර සඳහා යෝජනා වී තිබෙන අතර මෙලෙස උතුරු , නැගෙනහිර සහ වයඹ පළාත් වල ආණ්ඩුකාරවරුන් පසුගිය 15 වන දා සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කළ බව ඊයේ (16) ජනාධිපති ලේකම් කාර්‍යාලය දැනුම් දී තිබේ.

Exit mobile version