ඉදිරියේදී දැඩි නියඟයක්.

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ඇතිවිය හැකි නියඟ තත්ත්වයක් පිළිබඳ අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය අභිමුව ගංගා සහ ජලාශ 6,000කට ආසන්න ප්‍රමාණයක ජල මට්ටම් විශාල වශයෙන් පහත බැස ඇති බවට ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සදහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙනු ඇත්තේ ඔක්තෝම්බර් මාසයේ සිට පමණක් බව බැවින් එම නිලධාරින් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි.

එමෙන්ම ඉදිරි දින කිහිපයේදි නියඟ තත්ත්වය තවදුරටත් උග්‍ර වන බැවින් ජල විදුලිය නිෂ්පාදනයට මෙන්ම පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොවිතැන් කටයුතුවලටද දැඩි බාධා එල්ල විය හැකි බවට එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කර තිබේ.

Exit mobile version