ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තුළ ලිංගික අධ්‍යාපනයට අවධානය යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ළමා අපයෝජන වැළැක්වීමේ දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවේ ලොව බොහෝ දියුණු රටවල පවා අන්තර්ජාල පරිහරණය නියාමනයක් ඇතිව ක්‍රියාවට නංවන බවත් , ළමා අපයෝජන ඇතුළු බොහෝ සමාජ ගැටළු ඇතිවීමට ඩිජිටල් තාක්ෂණයේ අවභාවිතය හේතු වී ඇති බවත් ය.