අධිවේගය අතට ගත් ශවේන්ද්‍ර සහ පෙරහැරේ යන අලි.

අම්මට සිරි ලංකාවේ බංකොලොත්භාවය දෛනිකව නඩත්තු කිරීමට සැදීපැහැදී සිටින ඊනියා වෘත්තීය සමිති කාරයන් දේශපාලුවන් සේම අවවරප්‍රසාදිත මහජනයාගේ ලේ උරා බොන්නෝය.

කම්කරු අයිතීන් වෙනුවෙන් මරාගෙන මැරෙන සැබෑ වෘත්තීය සමිති නායකයෝ පාලකයන්ට හික් ගෑවෙන සදාචාරාත්මක මුහුණුවරකින් වැඩ වර්ජනයන් දියත් කළද තුට්ටු දෙකේ දේශපාලනික ගැත්තන් මහජනතාව තළාපෙළා පජාත දේශපාලන අරමුණු සුජාත කිරීමට ගනු ලබන තුප්පහි වැඩ වර්ජන නන්න පෝල් වෙනවා තරම් දැකීමට ප්‍රිය කරන වෙනත් දසුනක් නැති තරම්ය.

සිය දහස් ගණනින් දේශීය මෙන්ම විදේශික සංචාරකයන් නිරන්තරයෙන් ගමන් කරන අධිවේගී මාර්ග අකර්මණ්‍ය කිරීම අරබයා හිරිකිතයකින් තොරව සිදුකළ ඊනියා වෘත්තීය සමිති ප්‍රයත්නයක් නන්න පෝල් කිරීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍රගේ ත්‍රිවිධ හමුදා මෙහෙයුමට හැකිවිය. ත්‍රිවිධ හමුදාවට පුදකළ මල් මිටි වලින් පිරීගිය අද බුකිය අධිවේගී සේවකයන්ගේ කෙස් කෙළින් කළෝය.

ඒ අනුව යුද ගුවන් නාවික වශයෙන් අධිවේගී පිවිසුම් කාර්යාල සියල්ලම මිලටරි කරණයට ලක් කරමින් හමුදාවන් ස්ථානගත කර මහජනතාව අපහසුතාවයට ලක් නොවන අයුරින් සමස්ත අධිවේගී පද්ධතියම ශවේන්ද්‍ර අතට ගත්තේ අතට ගත් නමුදු ක්‍රියාන්විතයේ සාර්ථකත්වය හමුවේ පාර්ශවයන් බොහොමයක් ලාබෙට ලකුණු දමා ගැනීමට පෙරහරේ යමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වූවෝය.

ඒ කෙසේ වෙතත්, හමුදාවන්ට සියල්ලම කල නොහැකි බව අපට සාක්ෂි සහිතවම පෙන්වා දුන්නේ, ගෝටාභය ගෙනා විශ්‍රාමික හමුදා නායකයන්ය. විශ්‍රාමික හමුදා නිලධාරීන් සුවිශේෂී සිවිල් පාලනයන් වෙනුවෙන් ගෝටා පත් කල අතර ඒ සියල්ලම, සිංහලෙන් කියවෙන “අම්මටසිරි වෙන්නම” වැනසී ගිය බවත් අප අමතක නොකල යුතුමය.

Exit mobile version